ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
ගම්පහ මහ නගරසභා බල ප්‍රද්ශය යටතේ ග්‍රාමසේවා වසම් දහසයක් ඇති අතර, ඒවාට අයත් වන යක්කල, ගම්පහ, කළගෙඩිහේන සහ බදුවතුගොඩ යන ගම්වල සායනයන් පවත්වයි. එම සායන සතියකට එක් වරක් පවත්වනු ලබයි.1) මාතෘ සායනය ගම්පහ මහ නගරසභා ප්‍රදේශයට අයත් ගර්භනී මව්වරුන් සඳහා සෑම සතියකටම වරක් මෙම සායනය පවත්වයි. මෙහිදී ගර්භනී තත්වයටපත්වූ අවස්තවේ සිට දරුවා බිහි වන තුරු ගර්භනී අවධියේ ඇතිවන ලෙඩරෝග සොයා බැලීම සහ රෝග වලට පිළියම් යෙදීම, රෝග වාර්තාකිරීම හා ගර්භනී සටහන් පතක් පවත්වාගෙන යාම කරනු ලබයි. 2) ළමා සායනයමෙම සායනය පවත්වන්නේ ගම්පහ නගරසභා ප්‍රදේශයේ සිටින අවුරුදු දාහතරට අඩු දරුවන් සඳහාය. මෙහිදී රජයේ ළමා ප්රතිෂක්තීකරණවැඩසටහනට යටත්ව අදාළ එන්නත් ලබා දීම සිඩු කරයි. වෛද්‍ය කාර්ය්යමණ්ඩලය මගින් දරුවන්ගෙ පෝෂණය හා වර්ධනය පරීක්ෂා කර ළමා වර්ධක සටහන තුල ලේඛණගත කරයි. විශේෂ වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය ළමුන් හඳුනාගෙන ඔවුන් අදාල රෝහල් වෙත යොමු කිරීම සිදු කරයි. 3) පවුල් සැලසුම් සායනයමෙම සායනයේ දී පවුල් සැලසුම් පිළිබඳව සෞඛ්‍ය අධ්‍යාපන සැසි පැවැත්වීම සහ යුවලවල් සඳහා ගැලපෙන සුදුසුම පවුල් සැලසුම් ක්‍රම හඳුනවා දීම, ඊට අවශ්‍ය පහසුකම් සලසා දීම සිදු කරනු ලැබේ. 4) සුවනාරී සායනයමෙම සායනය අවුරුදු තිස්පහත් හතලිස්පහත් අතර කාන්තාවන් සඳහා පැවැත්වේ. බෝනොවන රෝග, පියයුරු පිළිකා සහ ගැබ් ගෙලපිළිකා සඳහා පරීක්ෂණ පැවැත්වීම මෙහිදී සිදු කරයි. 5) යොවුන් මිතුරු සෞඛ්‍ය සායනයයොවුන් වියේ පසුවන්නන්ගේ ලිංගික ගැටලු, මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීම සහ දුම්වැටි භාවිතයට හුරු වීම යන ආදී කරුනු වලට යොමුවූ තැනැත්තන් සඳහා ඉන් මිදීමට අවශ්‍ය උපදේශනය ලබා දීම මෙහිදී සිදු කරයි. 6) නව සුව දිවි සායනයඅලුතෙන් විවාහ වූ යුවල සඳහා අවශ්‍ය ලිංගික දැනුම සහ පවුල් සැලසුම් පිළිබඳ දැනුම ලබාදීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපන සැසි පැවැත්වීම සිදුකරයි. ඔවුන් සඳහා මූලික වෛද්‍ය පරීක්ශන පැවැත්වීම , අක්‍රමවත් මාසික ඔසප්වීම් සහිත කාන්තාවන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමසඳහා ප්‍රසව හා නාරිවෙදී විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කරනු ලබයි. |
||