ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
ළදරු පාසල්ප්රදේශවාසී ළමුන් සදහා පෙර පාසල් අධ්‍යාපනය ලබාදීමට ගම්පහ මහ නගර සභාව යටතේ ක්‍රියාත්මක වන ළදරු පාසල් දෙකක් ඇති අතර කුමාරතුංග මාවතේ පිහිටා ඇති “පියවර” ළදරු පාසල සහ යක්කල දඹුවාවත්ත පිහිටා ඇති “උදාව” ළදරු පාසල එසේ ක්‍රියාත්මක වන මිශ්‍ර ළදරු පාසල් වේ. මෙම ළදරු පාසල් දෙකෙහිම වයස අවුරුදු 3.5 – 4 ත් වයස් සීමාවේ ළමුන් ඇතුලත් කිරීමට එක් පංති කාමරයක්ද වයස අවුරුදු 5ක වයස් සීමාවේ ළමුන් ඇතුලත් කිරීමට එක් පංති කාමරයක්ද වශයෙන් වෙන් වෙන් වශයෙන් පංති කාමර පවත්වාගෙන යනු ලැබේ. දරුවන්ට උසස් තත්වයේ අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය පහසුකම් වලින් සමන්විත මෙම ළදරු පාසල් කැපවීමෙන් සේවය සපයන පළපුරුදු ගුරුවරුන් යටතේ ක්‍රියාත්මක වේ. |
||