ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති සහ නගරයේ මුල් පුරවැසි වශයෙන් මම ඔබ සැම ගම්පහ නගරයට සාදරයෙන් පිලිගනිමි.
අපගේ නගරය ඓතිහාසික වටිනාකමකින් යුත් ගොඩනැගිලි, උද්භිද උද්‍යානයක්, අවන්හල් සහ විශේෂිත මංසලකුනු යනාදියෙන් සමන්විත වන අතර පවුල කේන්ද්‍ර කරගත් සමාජ පසුබිමක් ඇති පුරවැසියන් සම්බන්ධයෙන් අපි නිරතුරුවම ආඩම්බර වන්නෙමු.
ගම්පහ නගරය දිනෙන් දින දියුණු වන ක්‍රියාශීලී නගරයක් වන අතර ප්‍රදේශවාසීන් හට කාර්යක්ෂම සේවාවක් ඉටු කිරීම සදහා සුදුසු සේවා ව්‍යුහයක් අප සතුව ඇත.ඉතා සීග්‍රයෙන් දියුණු වන ලෝකයත් සමග ඉදිරියට පිය මැනීම සදහා නව තොරතුරු තාක්ෂණික ක්‍රම භාවිතය අත්‍යවශ්‍ය බව මාගේ විශ්වාසයයි. මෙම වෙබ් අඩවිය දියත් කිරීම ජනතාව සමග කාර්යක්ෂමව සන්නිවේදනය කිරීමේ මගක් විවර කිරීමක් ලෙස දැක්විය හැකි අතර මේ මගින් නගරයේ ජනතාවට ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා සදහා සේවා සපයා දීම මෙන්ම නව සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කිරීම වඩාත් එලදායී ආකාරෙන් සිදුකිරීමේ ඉඩ ප්‍රස්ථාව සලසා දීමක් සිදු වේ. විනිවිද බාවයකින් යුතුව තොරතුරු බෙදා හැරීම මෙම වෙබ් අඩවියේ ප්‍රධාන අරමුණක් වේ. නිල වශයෙන් මෙම වෙබ් අඩවිය දියත් කිරීම අපගේ දැක්ම සහ මෙහෙවර වඩාත් හොඳින් ක්‍රියාත්මක කර නාගරික බල ප්‍රදේශයට අයත් ජනතාගේ සුබ සිද්ධිය සලසා දීමට අප තබන ලද සාර්ථක පියවරක් ලෙස ප්‍රකාශ කර සිටින්නේ ඉමහත් ආඩම්බරයෙනි. මෙම වෙබ් අඩවිය භාවිතා කර ඒ මගින් ලබාදෙන සේවාවන් ප්‍රයෝජනයට ගන්නා ලෙසෙ ඔබ සැමට ආරාධනා කරන අතර නගරවසියන්ගේ දෛනික අවශ්‍යතා පහසුවෙන් ඉටු කරගැනීම තවදුරටත් කාර්යක්ෂම කිරීම වෙනුවෙන් මෙම වෙබ් අඩවිය තවදුරටත් දියුණු කිරීමට අප බලාපොරොත්තු වේ.