- ගලි රථය නිවසට පැමිණෙන මාර්ගය පළල අඩි 15ක විය යුතුය.
- ගලි රථය නවත්වන ස්ථානයේ සිට ගලි වල දක්වා දුර ප්‍රමාණය අඩි 60ක් විය .
- ගලි වලෙහි අපද්‍රව්‍ය ඝණ වී හෝ පස් වී හෝ එසේ නොමැති නම් මීයන් හාරා හෝ ඉවුරු කඩා වැටී නොතිබිය
යුතුය.
- ගලි වලට ඉඳුල් අපද්‍රව්‍ය සම්බන්ධ කර නොතිබිය යුතුය.
- ඉඳුල් අපද්‍රව්‍ය හෝ වෙනත් තෙල් මිශ්‍රිත අපද්‍රව්‍ය වලක් නොවිය යුතුය.
- ගලි වලට යන මාර්ගය පැහැදිලිව පිහිටා තිබිය යුතුය.
- ගලි වලහි අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ගලි වල පිහිටි ටැංකිය උඩින් අඟල් 04 ප්‍රමාණයේ සිදුරක් තිබිය යුතුය.
- ගලි වලහි අපද්‍රව්‍ය තැන්පත්ව වසර 10ට අඩු කාලයක් විය යුතුය.
ඉහත සඳහන් කරුණු නිවැරදිව සඳහන් කරන ලද අතර මෙම සේවාව ඉටු කිරීමේදී කිසිවෙකුගේ විරෝධතාවයක් මතු නොවන බවත්,මේ සම්බන්ධයෙන් ගම්පහ මහා නගර සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තු ගෙවීමට පොරොන්දු වන බවත් සේවාව ලබාදෙන කාලය තුළ නගර සභා දේපල වල සහ සේවකයින්ගේ පූර්ණ ආරක්ෂාව තහවුරු කරන අතර එසේ අනාරක්ෂිතව නගර සභා දේපළට හෝ සේවකයින්ට අලාභ හානි සිදු වුවහොත් නගර සභාවෙන් තීරණය කරනු ලබන ගාස්තුවක් ගෙවීමට බැඳී සිටින බවත් සහතික වෙමි .