ගම්පහ මහා නගර සභාව

අතීත නගරාධිපතිවරුන්




ගරු පී.පී.ජයවර්ධන 1945-1953
ගරු ප්‍රැන්සිස් පී.පෙරේරා 1954-1963
ගරු සී.ආර්.ඒ.සමරක්කොඩි 1963-1965
ගරු ඩී.ජී.වීරතුංග 1966-1973
ගරු කේ.එන්.ඕ.ජිනසේන 1973-1976
විශේෂ කොමසාරිස් පාලනය 1976-1979
ගරු එච්.එල්.වික්‍රමතිලක 1979-1983
ගරු කේ.එල්.ඒ වීරසිංහ 1983-1990
ගරු ඩී.ජී.වීරතුංග 1991-1995
ගරු කේ.එල්.ඒ වීරසිංහ 1995-1997
ගරු දක්ශිණ රත්නසිංහ 1997-2002
ගරු අජිත් මාන්නප්පෙරුම 2002-2006
ගරු අජිත් මාන්නප්පෙරුම 2006-2011
ගරු එරංග සේනානායක 2011- 2023 මාර්තු 19 දක්වා
ගරු එරික් එදිරිවිකම මහතා 2025.ජුනි 02 සිට
ගම්පහ මහ නගරසභා සංස්ථාපනය

2000-07-27 දිනැති අංක 1142/22 දරණ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ගෑසට් පත්රතයේ(අතිවිශේෂා)සඳහන් පරිදි ස්ථාපිත මහ නගර සභාව 2001-03-20 117/7 පරිදි 2002-04-15 දින සංස්තාපනය කර ඇත

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ටශයේ ග්‍රාමසේවා වසම් 33ක් සිසාරා පිහිටා ඇති ගම්පහ මහ නගරසභාව පැරණි ගම්පහ නගර සභාව හා ගම්පහ ප්‍රාදේශීය සභාවෙන් ඇදුණු යක්කල උප කාර්යාල බල ප්‍රදේශයේ කොටසක් වශයෙන් එකතුව සැකසී ඇත.

කලින් පැවති ගම්පහ නගර සභා සීමාව නාගරික ලක්ෂණ වලින් හෙබි අතර පසුව ඒකබද්ධ කරන ලද යක්කල හ මිරිස්වත්ත වැනි උප නගර නාගරික හා ග්‍රාමීය ලක්ෂණ වලින් යුක්ත වේ.සමස්ථයක් ලෙස සමතලා භුමි භාගයක් ගම්පහ මහ නගර සභා බල ප්‍රදේශය තුල පැතිරී ඇත.