ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්පහ මහා නගර සභා බල ප්‍රදේශය ප්‍රමාණයෙන් ව.කි.මී. 37.5ක් පමණ වේ. මෙය උතුරට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවද, නැගෙනහිරට අත්තනගල්ල ප්‍රාදේශීය සභාවද, බස්නාහිරට මහර ප්‍රාදේශීය සභා සීමා වලින් මායිම් වේ.
කලින් පැවති ගම්පහ නගර සභා සීමාව නාගරික ලක්ෂණ වලින් හෙබි අතර පසුව ඒකාබද්ද කරන ලද යක්කල හා මිරිස්වත්ත වැනි උප නගර, නාගරික හා ග්‍රාමීය ලක්ෂණ වලින් යුක්ත වේ.සමස්තයක් ලෙස සමතලා භුමි බාගයක් ගම්පහ මහා නගර සභා බල ප්‍රදේශය තුල පැතිරී ඇත.
වී, පොල්, බුලත් ආදී කෘෂිකාර්මික භෝග වගා සහ ගෙවතු වගාද, ආවේනිකව පැවතී එන අතර නව නාගරීකරණයත් සමඟ කර්මාන්ත ශාලා හා වානිජ්‍ය ප්‍රදේශ බිහි වෙමින් පවතී. ජනාවාසයට ඉතා හිතකර භුමි ප්‍රදේශයකි.