ගම්පහ මහා නගර සභාව | ||
නගර ඉතිහාසය හා සාමාන්‍ය තොරතුරු
සභා ඉතිහාසය
1815 වර්ශයට පෙර ගම්පහ ඝන වනාන්තරයකි. එවක ලංකාවේ පස්වන ආණ්ඩුකාරධුරය හෙබවූ සර් එඩ්වර්ඩ් බර්නෙස්, 1825 වර්ෂයේදී මීගමුව සහ කොළඹ මාර්ග ඉදිකිරීමේ කටයුතු නිරීක්ෂණයට යන අතරතුරයේ ගම්පහ සංචාරක යෙදුනේය.ඉන්පසු එවක ශ්‍රී ලංකාවේ වාසය කල එංගලන්ත ජනපදවාසීන් විසින් 1864 වර්ශයෙදී නගරය හඳුනාගැනීමේ ප්‍රධාන මුලිකාංගය ලෙස හෙනරත්ගොඩ දුම්රිය ස්ථානය ඉදිකරවන ලදී.එමෙන්ම 1967 වර්ශයෙ ලංකාවේ ප්‍රථම බර් ගස ගම්පහ හෙනරත් උද්භිත උද්‍යානයේ රෝපානය කරන ලදී. එංගලන්ත පාලනය විසින් 1828 දී මොරගොඩ කිතුනු පල්ලිය ඉදි කිරීමෙන් පසු ක්‍රමක් ක්‍රමයෙන් ගම්පහ ප්‍රදේශය ආශ්‍රිතව ජනපද බිහිවීම ආරම්භ විය. 1920 වර්ෂයේ ගම්පහ නගර සැලැස්ම ප්‍රධාන විදි 52 කින්, ජලසම්පාධන පද්ධතියකින්, මහජන වෙලදපලකින්, ප්‍රධාන රෝහලකින් හා විදුලිබල මණ්ඩලයකින් සමන්විතව ඉදිකරන ලදී. අදටත් මෙම සැලැස්ම පරිදි ඉදිකළ බොහොමයක් දෑ එම ස්ථානයන්ගේම විවිධ නව්‍යතාවයන්ගෙන් සමන්විතව දක්නට ලැබේ. සාමාන්‍ය තොරතුරුගම්පහ දිස්ත්‍රික්කය පිහිටා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ බටහිරින්ය. භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1387 කි. උතුරින් කුරුණෑගල හා පුත්තලම් දිස්ත්‍රික්ක ද, නැගෙනහිරින් කෑගල්ල දිස්ත්‍රික්කය ද, දකුණින් කොළඹ දිස්ත්‍රික්කය ද හා බටහිරින් ඉන්දියානු සාගරයෙන් වට වී ඇත. |
||