ගම්පහ මහා නගර සභාව | ||
"ඩෙංගු වලක්වා ගැනීමට ඔබ අවට පරිසරය ගන සැලකිලිමත් වන්න,මදුරුවන් බෝ විය හැකි ස්තාන සොයා බලා විනාශ කරන්න"
ඩෙංගු රෝගය ගම්පහ දිස්ත්‍රික්කයේ බහුලව පැතිරයන බෝවන රෝගයකි. මෙහිදී ඩෙංගු රෝගය බෝවීම වැලැක්වීම සඳහා මහ ජනතාවදැනුවත් කිරීමේ වැඩසටහන් සහ ප්‍රදේශයේ සියලුම ස්ථාන පිරිසිදු කිරීම පිළිබඳව අවශ්‍ය උපදෙස් ලබා දීම සිදු කරයි.
මේ සඳහා ඩෙංගු මර්දන නිලදාරීන් නිරීක්ෂණ කටයුතු සිදු කරන අතර අවශ්‍ය විටක නීති ක්‍රියාමාර්ග ගැනීම සිදු කරයි. මීට අමතරවශ්රමදාන ව්‍යාපාර පැවැත්වීම, කුනු ක්‍රමවත් ලෙස බැහැර කිරීම , දුම් ගැසීම සිදු කරයි. සෑම සතියකට වරක්ම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබේ. |
||