ගම්පහ මහා නගර සභාව | ||
අපගේ
සේවාවන්
පාරිසරික යහපැවැත්ම උදෙසා කසල ප්‍රතිචක්‍රීකරණය
ප්‍රතිචක්‍රීකරණය මගින් කුණු කසල කලමණාකරය අපගේ පරිසරය පිරිසිදුව සහ ඝෞඛ්ය සම්පන්නව පවත්වාගෙන යාමට උපකාරී වේ.නිසි අයුරින් අපද්‍රව්‍ය කලමණාකරණය මගින් පොදු ජනයා ලෙස ඔබ සැමට පාරිසරික යහපවත්ම සදහා ක්‍රියාශීලීව සහභාගී විය හැක. හෙට දින සුරක්ශිත කරගැනීම පිලිබද හැගීමෙන් අද දින වගකීමෙන් කටයුතු කිරීම පුරවැසියන් ලෙස අප සැමගේ වගකීමකි.
පහත දැක්වෙන අයුරින් ක්රමනුකූල කසල කලමනාකරණ ක්‍රියා පිළිවෙලක් අනුගමනය කිරීමෙන් ඔබට ද කසල ප්‍රතිචක්‍රීකරණය වැඩපිළිවෙල මගින් එහි ඵල ප්‍රයෝජන නෙලා ගත හැක.
පලමු පියවර - අවම කිරීම
මෙහිදී පලමු පියවර වශයෙන් අනවශ්‍යය පරිභෝජනය අවම කරගනිමින් තිබෙන අමුද්රනව්ය ඵලදායී වශයෙන් භාවිත කිරීම වැදගත් වේ. ඔබගේ දෛනික පරිභෝජනය සදහා භාණ්ඩ මිලදී ගැනීමේදී ඇසුරුම් අවම වශයෙන් භාවිතා කර ඇති භාණ්ඩ තෝරා ගැනීමට උත්සහ කිරීම, නිවසේදීම කොම්පෝස්ට් බදුනක් භාවිතයෙන් මුළුතැන්ගෙයින් ඉවතලන අපද්රැව්යහ, ගෙවතු අපද්රමවය යනාදිය ප්රනතිචක්රීගකරණය කිරීම යනාදිය මේ සදහා නිදසුන් වශයෙන් දැක්විය හැක.
දෙවන පියවර - නැවත භාවිතය
දෙවන පියවර ලෙස මෙම පියවර අනවශ්‍ය අන්දමින් කසල වැඩිවීම වලක්වාගැනීමට උපකාරී වේ. බොහෝ අවස්ථාවල ඇතැම් භාණ්ඩ කාලයක් ගොස් ඉවතතලුවද එම භාණ්ඩ තවත් අයුරකින් ප්‍රයෝජනයට ගතා හැකි මගක් ඇත.ඉවතලන බදුන් කොම්පෝස්ට් සැදීම සදහා භාවිතයට ගැනීම නිදසුනක් වශයෙන් දැක්විය හැක.
තෙවන පියවර - ප්‍රතිචක්‍රීකරණය
තෙවන පියවර වන ප්‍රතිචක්‍රීකරණ පියවර මගින් ඉවතලන අපද්‍රව්‍ය තුලින් ප්‍රයෝජනවත් කොටස් වෙන් කරගැනීම සිදු කෙරේ. මජනයා වශයෙන් ඔබට ඔබගේ කසල වෙන් වෙන් වශයෙන් ඉවත් කිරීමේ ක්‍රමයක් භාවිත කල හැක. නිදසුනක් වශයෙන් ප්ලාස්ටික්, වීදුරු, ආහාරමය අපද්‍රව්‍ය, පොලිතින් යනාදී වශයෙන් වෙන් වෙන් වශයෙන් බදුන් වල බහා දෛනිකව නිසි වෙලාවට නගර සභාවෙන් පැමිණෙන කසල රැගෙන යන ට්රෑක්ටරයට ලබා දිය හැක. තවද නිවසේදීම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කොම්පෝස්ට් බදුනක් භාවිත කල හැක. අපගේ නගර සභාව මගින්ද ඔබට මේ සදහා අවශ්‍ය පහසුකම් සපයා ඇත.
නොපමාව ඔබගේ කොම්පෝස්ට් බදුන වෙන් කරවාගෙන පරිසරය පිරිසුදුව තබා ගනිමින් ඔබගේ නගරය තවත් අලංකාර කරබැනීමට නගරවාසී ඔබත් උත්සුක වන්න.
|